http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, May 30, 2012

අතුල හා අමායා පවුලේ තුන්වෙනියා වෙනුවෙන් සැරසෙයි

බල්ලන් වෙනුවෙන් ඔටාරා රඟපෑමට

JEEWITHE LASSANI FILM PHOTOS

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සික්ස්’

ලංකා සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදල වන රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් යොදා තැනූ ‘‘සුපර් සික්ස්’’ චිත‍්‍රපටය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා. උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණයෙන් සහ ටී සදේෂ් කුමාර් නිෂ්පාදනයෙන් බිහිවූ ‘‘සුපර් සික්ස්’’ සඳහා එතරම් මුදලක් වැය වූයේ ඇයි? මේ චිත‍්‍රපටයේ ඇති විශ්මිත දේවල් මොනවාද? කතාව මොන වගේද? මෙම සිනමා නිර්මාණය රූගත කළේ කොහොමද? ‘‘සුපර් සික්ස්’’ තිරගත වන මොහොතක ඒ ගැන මෙහි අධ්‍යක්ෂ උදාර සහ නිෂ්පාදක සදේෂ් ගෙන් විමසා දැන ගනිමු.



උදාර මේ ඔබගේ කී වැනි චිත‍්‍රපටයද?
චිත‍්‍රපටයක් ලෙස ප‍්‍රදර්ශනය වන පළමු එක. ඊට පෙර තවත් නිර්මාණයක් කර තිබෙනවා. නමුත් පළමු චිත‍්‍රපටය වන්නේ මෙයයි.

මෙම සුපර්සික්ස් සඳහා කතාව උපුටා ගැනීමක්ද?
මෙහි කතාව නිෂ්පාදක සදේෂ් කුමාර්ගෙ. පිටපත අනුර ඒකනායකගෙ. දෙබස් සහ අධ්‍යක්ෂණය මගේ. මෙය හින්දි කොපියක් නොවෙයි. ලංකා පොළවේ පය ගහලා ජීවත්වන තරුණ තරුණියන් පිරිසක් වටා ගොනුවූ චිත‍්‍රපටයක්. එය නරඹන පිරිසට එය දැනෙන චිත‍්‍රපටයක්.

ලංකාවේ වැඩිම මුදලක් වැය කර තැනූ චිත‍්‍රපටය මෙයද?
ඔව්, නිෂ්පාදන වියදම පමණක් රුපියල් ලක්ෂ 990 ක්. ප‍්‍රචාරක වියදම ගැන තවම ගණන් බලා නැහැ.

මෙතරම් විශාල ධනස්කන්ධයක් යොදා චිත‍්‍රපටයක් කිරීමට ඔබට බියක් හිතුනේ නැද්ද?
ඇත්තටම ගොඩාක් අය ඒ ගැන අහනවා. මම නියැලී සිටින්නේ වෙළඳ ප‍්‍රචාරක සේවයේ, තත්ත්පර 30 ක දැන්වීමකට සමහර වෙලාවට අපට රුපියල් කෝටියක් පමණ වැය කරන්න සිදු වෙනවා. ගුණාත්මක දේ කරද්දී ඇත්තටම වියදමක් යනවා. ඉන්දීය චිත‍්‍රපටයක් කරන්න සමහරවිට අඩුම තරමින් ඉන්දීය රුපියල් කෝටි 150 ක්වත් යනවා. නමුත් අවසානයේ බිහිවන නිර්මාණය ගුණාත්මක බවින් ඉහළයි. ‘‘සුපර් සික්ස් ’’ ඒ වගේ චිත‍්‍රපටයක්. ඒ අනුව බලද්දී එතරම් මුදලක් වැය නොකළත්, හින්දි චිත‍්‍රපටයක් පරදන තරමට සියලූම තාක්ෂණ අංශ සහ කතාව ඇතුළු අනෙකුත් අංශ වලින් ගුණාත්මකව අපි මෙය කරලා තියෙනවා. කැත නැතිව ලෝකයේ  ඕනෑම තැනක පෙන්වන්න පුළුවනි.

මේ වියදම් කිරීම ඔබ කළේ මොන වගේ හරඹයක් වෙනුවෙන්ද? ඇයි මෙච්චර වියදම් කළේ?
මට අවශ්‍ය වුනේ ඇදලා ගත්තා දමලා ගැහුවා චිත‍්‍රපටයක් කිරීම නෙවෙයි. අනෙක චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට අපි අමුත්තන් නෙවෙයි. මම චිත‍්‍රයට කලාව ගැන ඉගෙන ගත්තෙ පූනේ වලදී. එදා ඉඳලා හොඳ චිත‍්‍රපටයක් කිරීම තමයි මගේ අරමුණ වුණේ. ලංකාවට චිත‍්‍රපට කරන්න බැහැ කියලා දෙයක් නැහැ. චිත‍්‍රපට නරඹන සංඛ්‍යාවේ සිට සියල්ල සමීක්ෂණය කරලා තමයි මේ චිත‍්‍රපටය කළේ. අපි බොහෝ වෙලාවට නරඹන ලක්ෂ 60 ට වඩා අඩු ප‍්‍රමාණය ගැන තමයි කතා කරන්නේ. මේවා බැහැර විය යුතු දේවල් ඒ නිසා අපට  ඕනෑ වුණේ පේ‍්‍රක්ෂකයන් ලක්ෂ 60ම සිනමා ශාලාවෙතට කැඳවාගෙන ඒමටයි. ආර් 4 කියන උසස්ම තාක්ෂණයේ කැමරා පවා අපි භාවිත කළේ ඒ නිසයි. දැනට වසර කිහිපයකට පෙරදී සල්මන්ඛාන් චිත‍්‍රපටයක් කළේ මේ කැමරා සහ කණ්ඩයාම සමගයි. මේ චිත‍්‍රපටයට දායක වුණෙත් එම කණ්ඩයාමයි. ඒ වගේම සෑම දෙයකටම වියදම දරන්න පූනා, අන්දමන් දුපත්වලට, ඉන්දියාවට සහ මැලේසියාවට පවා ගිහින් රූගත කිරීම් සිදුකළා. අර මා කී උසස් ගුණාත්මක බව ගන්නයි අපට  ඕනෑ වුණේ. නිකම් පිස්සුවට මුදල් වියදම් කළේ නැහැ. නරඹන සියලූ දෙනාට තත්ත්පරයෙන් තත්ත්පරය මෙය දැනෙන චිත‍්‍රපටයක් ලෙස රූප රාමු පෙළ ගස්වා තිබෙනවා.

මේ සියල්ල සමග කතාව ප‍්‍රබල වෙන්න එපායැ. කතාව ප‍්‍රබලද?
මේ චිත‍්‍රපටය කරලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. නමුත් තව අවුරුදු ගාණකට මේ කතාව තරුණ තරුණියන්ට ගැලපේවි. අනිවාර්යයෙන්ම මෙහි කතාව ප‍්‍රබලයි. නමුත් ලංකාවේ තිබූ ප‍්‍රදර්ශන මාෆියාව නිසා මගේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම පස්සට දැමුවා. ඒවායින් අපි සැළුනේ නැහැ. මම හිතන්නෙ අද වෙනස්ම තේමාවක් යටතේ මෙය තිරගත වීම එක්තරා විදියක පේ‍්‍රක්ෂකයින් අවදි කිරීමක්. මම ධනාත්මක පුද්ගලයෙක්. ඒ නිසා සියල්ල ආශිර්වාද කොට සළකන්නෙ. චිත‍්‍රපටය තිරගත වීමටත් පෙර සෙනග ඇවිත් චිත‍්‍රපට ශාලාවලට එය නරඹන්න. ඔවුන්ට දිනත් අමතක වෙලා. එයින්ම පෙනෙනවානෙ මීට තියෙන ඉල්ලූම.

කතාව සැකෙවින් කිව්වොත්.
මොරටුව ප‍්‍රදේශයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කරන තරුණ පිරිසක්. එයාලගෙ ජීවිත ගොඩනගා ගන්න උත්සාහ ගන්න හැටි තමයි විකාශය වන්නෙ. ඔවුන්ගේ රිද්මය හරි වින්දනාත්මකයි. යටින් එන පටු දේශපාලනය මේ අයගෙන් ප‍්‍රකාශ වෙනවා. ආදරණීයයි. වින්දනාත්මකයි.

මෙයින් ඔබට අවශ්‍ය වුණේ කුමක් ප‍්‍රකාශ කරන්නද?
කිසිම දෙයක් නෙවෙයි. සමාජයට හොඳට නෙතපුරා - හිතපුරා විඳින්න පුළුවන් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමටයි. සිනමාශාලාවලට එන්නෙ නැති පිරිස ගෙන්වාගෙන, තව වසර දහයකට විතර ගන්න බැරි අත්දැකීමක් පේ‍්‍රක්ෂකයින්ට ලබා දීමටයි. වාසනාවකට මේ චිත‍්‍රපටය සමග තවත් අලූත් සිනමාශාලා කීපයක්ම විවෘත කෙරුණා.

මේ දැවැන්ත චිත‍්‍රපටය කරන්න ගිහින් මුහුණ දුන් දැවැන්ත ක‍්‍රියාදාමයන් මොනවාද?
මේ චිත‍්‍රපටයේ මුල සිටම ලොකු ක‍්‍රියාදාමයක්. මුලින්ම මෙහි රූගත කිරීම් පටන් ගත්තෙ ත‍්‍රීකුණාමලයේදී. එහිදී හෙලිකොප්ටර් යොදාගෙන කළ දර්ශන තාක්ෂණික දෝෂයක් නිසා නැවත කරන්න සිදුවුනා. පසුව වෙනම වියදමක් දරා එය කළා. එක් අවස්ථාවක මැලේසියාවට ගිහින් පසුව අන්දමන් දුපතේ රූගත කිරීම් යොදාගෙන තිබුණා. එතැනට ගියේ ලංකාව කියන දුපතේ සිටයි. එතැන අන්දමන් දුපතට මලීකා සහ හේමාල් රණසිංහ රඟපාන ජවනිකාවක් සඳහා එහි ගියේ. අධිවේගී බෝට්ටුවල යන දර්ශන පෙළ රූගත කරද්දී අපි ජීවිතාරක්ෂක කට්ටල යොදා ගත්තේ නැහැ. එක්තරා අවස්ථාවක අපේ ජීවිත මිනීමරු කිඹුල් රංචුවකින් බේරුනේ අනූනවයෙන්. තවත් අවස්ථාවක හේමාල් සටන් ජවනිකාවකට පෙනී සිටියා. රැජිණි කාන්ගේ සටන් අධ්‍යක්ෂකවරයා තමයි සටන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ. ඒ නිසා හේමාල්ට සජීවීව ඊට පෙනී සිටීමට සිදුවුනා. ඒ නිසා හේමාල් කීප විටකදීම තුවාල ලැබුවා. ඒ අතරතුර අපි ඉන්දියාවට ගියාම තමිල්නාඩු ප‍්‍රශ්නය නිසා දින දෙකක් අපව හෝටලේ රඳවාගෙන සිටියා. ලංකාවේ කාටහරි මොකක්හරි වුණාම අන්තිමට කවුරුවත් නැහැ. එදා අපට අපි විතරයි. අපි සුහදව කතා කරල පණ බේරාගෙන ආවා

මෙහි විශේෂතම පිරිවැයක් දැරූ දර්ශනය ගැන සඳහන් කළොත්
රුපියල් ලක්ෂ 95 ක් විතර වැය කරලා කළ ගීත ජවනිකා පෙළ සඳහන් කරන්න පුළුවනි. ආරම්භයේදී ඇති ගීතය. ඒ සඳහා සහාය වුණේ ෂාරුක්ගෙ සහාය නර්තන පිරිවරට සිටින  ඕස්ටේ‍්‍රලියාවේ ශිල්පිනියන් පිරිසක්. අපි ඒ අය එහෙන් ගෙන්වූවා. මෙවැනි මිල අධික දෙයක් මීට පෙර කරලා නැහැ. පබෝදා සහ සාරංග පෙනී සිටින ගීත ජවනිකා සඳහා බොහෝ විට යොදා ගන්නෙ හෙලිකොප්ටරයි. ඒ නිසා ඒවටත් විශාල වියදමක් ගියා. මේ විදියට මීට ගිය පිරිවැය අති විශාලයි. නමුත් ඒ සියල්ල අද ජනතාව සිතුසේ නරඹමින් පී‍්‍රතිවන බව පෙනෙනවා. සිනාවෙන සිනමාව නැවත ඇති කළ අභිමානය අද අපට දැනෙන දෙයක්.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ
අධ්‍යක්ෂක උදාර පල්ලියගුරු

SHEWTHA TIWARI PHOTOS TV TELEDRAMAS

Tuesday, May 29, 2012

RANJAN AND ANARKALI

DULANI ANURADHA KUWENI ATHRATHURA

INDIA NILIYAKA

Gorgeous Preity Zinta and heartthrob Vivek Oberoi at the Carlton Super 7's

Monday, May 28, 2012

SAMANALI FONSEKA PHOTOS 2012

දීපිකාගේ කෙස් කළඹට මිලියන 50 ක්

දීපිකාගේ කෙස් කළඹට මිලියන 50 ක්
2007 වසරේ තිරගත වූ "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පා තැබූ සුරූපී නිළි දීපිකා පදුකෝන් එම චිත්‍රපටය වෙනුවෙන් එම වසරේ හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිකරගැනීමට ද සමත්වූවාය. එමෙන්ම එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය සඳහා ද නිර්දේශ විය. 1986 ජනවාරි මස 06 වන දින උපත ලද දීපිකා හිටපු ඉන්දීය බැඩ්මින්ටන් ශූරයෙකු වන ප්‍රකාශ් පදුකෝන්ගේ දියණිය වේ. "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයෙන් ඇරඹි සිය වෘත්තීය සිනමා ජීවිතය ඔස්සේ කෙටි කාලයක් තුළ ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට ඇය සමත්වූවාය. "බචනා ඒ හසීනෝ", "ලව් ආජ් කල්", "කාර්තික් කෝලිං කාර්තික්", "හවුස්ෆුල්" සහ "බ්‍රේක් කෙ බාත්" දීපිකාගේ සිනමා දිවිය හැඩකළ නිර්මාණ කිහිපයකි. ඒ අතරින් "ලව් ආජ් කල්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2009 වස‍රේ හොඳම නිළිය සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය වෙනුවෙන් දීපිකාගේ නම යෝජනා විය. වත්මන් බොලිවුඩ් සිනමාවේ සිටින සාර්ථක රංගන ශිල්පිණියක ලෙස සැලකිය හැකි දීපිකා පදුකෝන් ටිසොට්, සෝනි සයිබර්ෂොට්, නෙස්කැෆේ හා කින්ග්ෆිෂර් එයාර්ලයින්ස් යන ජනප්‍රිය වෙළඳ නාම සඳහා සන්නාම තානාපතිත්වය ද දරයි. "කොක්ටෙල්", "යේ ජවානී හේ දිවානී", "රේස් 2" හා "රානා" දීපිකා පදුකෝන් රංගන දායකත්වය සපයන නවතම සිනමා නිර්මාණ කිහිපයකි.

වෘත්තීය වශයෙන් කලා ශිල්පියෙකු හෝ ශිල්පිණියක ලබන සාර්ථකත්වයත් සමග ඇය වෙනුවෙන් ඉහළ වාණිජමය වටිනාකමක් හිමිවීම ද සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව දීපිකාගේ රූ සපුවෙහි සුන්දරත්වය තවදුරටත් වර්ධනය කරන ඇයගේ කෙස් කළඹ වෙනුවෙන් ඉහළ මිලක් හිමිව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හිසකෙස් සඳහා භාවිත කරන පොල්තෙල් නිපදවන සමාගමක් විසින් ඔවුන්ගේ එම නිෂ්පාදනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 50 ක මුදලක් ලබාදීමට ඉදිරිපත්ව ඇති බව මෙම නවතම පුවත වේ. රංගන ශිල්පිණියකට ඇය රංගන දායකත්වය සපයන චරිතයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිතරම සිය හිසකෙස් විලාසිතාව වෙනස්කම්වලට භාජනය කිරීමට සිදුවන අතර එමනිසාම දිගු කෙස් කළඹක් පවත්වාගෙන යාම අපහසු තත්ත්වයකි. නමුත් කෙස් කළඹ කෙටි කර කපාදැමීම සඳහා විවිධ යෝජනාවන් ඉදිරිපත් වුව ද දීපිකා විසින් වසර ගණනාවක් තිස්සේ අවශ්‍ය සත්කාරයන් ලබාදෙමින් ඇයගේ දිගු කෙස් කළඹ නඩත්තු කරන බව සඳහන්ය. කෙසේවෙතත් සිය වෙළඳ නිෂ්පාදනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් දීපිකා පදුකෝන් තෝරාගත් අදාළ සමාගම විසින් සිදුකරන ලද වෙළඳපොළ සමීක්ෂණ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස ඇයගේ උචිත බව තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ වෙළඳනාම හිමිකරුවන් දීපිකා සමග පැවති හමු 02 න් පසුව ගනුදෙනුව පිළිබඳව අවසන් තීරණයකට එළඹ ඇති බව ද වාර්තා වේ. "දීපිකා සිය සිරුර මෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන රංගන ශිල්පිණියක්. ඒ වගේම ඇය ඇයගේ කෙස් කළඹ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. එමනිසාමයි වෙළඳනාම ප්‍රචාරණ කටයුතුවලදී මෙසේ ඇයගේ කෙස් කළඹට ඉහළ වටිනාකමක් හිමිවී තිබෙන්නේ. මිලියන 50 ක මෙම වෙළඳ ගනුදෙනුව සඳහා ඉදිරිපත් වූ අදාළ සමාගම මගින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් තෝරාගත් සුපිරි තරු ලැයිස්තුවෙහි දීපිකාගේ නමට පළමු ස්ථානය ලබාදීමට තීරණය කර ඇත්තේත් එම හේතුව නිසයි. එසේ ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා උචිත සුපිරි තරුව තෝරාගැනීම සඳහා සමාගම මගින් පවත්වන ලද වෙළඳපොළ සමීක්ෂණය සිදුකර ඇත්තේ සාමාන්‍ය ජන මතය ඇසුරින්. ඒ අනුව දීපිකාගේ කෙස් කළඹට ජනතාව දක්වන කැමැත්තත් පෙනීයනවා" ආරංචි මාර්ග අනාවරණය කර තිබේ. කෙසේවෙතත් ඉන්දීය රුපියල් මිලියන 50 ක වටිනාකමින් යුත් මෙම වෙළඳ ප්‍රචාරණ ගනුදෙනුව පිළිබඳව තහවුරු කිරීමක් හෝ අදහස් දැක්වීමක් සුරූපී නිළි දීපිකා පදුකෝන් විසින් තවමත් සිදුකර නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

එවැනි ආරාධනාවක් සතුටින් භාරගන්නවා...

එවැනි ආරාධනාවක් සතුටින් භාරගන්නවා...
2012 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලිය අවසන් වූයේ සුමුදු ප්‍රසාදිනී හා විනූ උදානි සිරිවර්ධනට සම කිරුළු හිමිකරදෙමිනි. එසේ ජයග්‍රහණය හිමිකරගත් විනූ උදානි සිරිවර්ධන මෙවර අද දෙරණ ආලින්දය සමග කථාබහට එක්විය. මිස් ශ්‍රී ලංකා තරගාවලියේ දී "මිස් ටැලන්ට්" හා "සන්ඩේ ඔබ්සවර් මිස් පොපියුලර්" යන අනු කිරුළු හිමිකරගැනීමට ද ඇය සමත්විය. . .

*සම්පූර්ණ නම

විනූ උදානි සිරිවර්ධන

*උපන්දිනය

1992. 03. 10

*ලග්නය

සිංහ

*උස

අඩි 05 අඟල් 05

*පදිංචිය

දෙහිවල

*ප්‍රියතම විලාසිතාව

ගවුම



*මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමත් සමග මුළු රටක් ඔබට හඳුනාගත්තා. ඔබ ලබපු ඒ ජනප්‍රියත්වය ඔබට දැනෙන්නේ කොහොමද?

මිස් ශ්‍රී ලංකා තරගාවලිය තුළින් තමයි මම ජනතාව අතරට ආවේ. ඉතින් මට ජනතාවගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි.

*ඒ ජයග්‍රහණයත් එක්ක ඔබේ ඉදිරි ගමන සකස්වෙන්නේ කොහොමද?

දැනට මම අධ්‍යාපන කටයුතු තවම අවසන් කර නෑ. අධ්‍යාපන කටයුතු හදාරමින් නිරූපණය ඇතුළු ඉදිරි කටයුතු කරගෙන යාමයි මගේ බලාපො‍රොත්තුව. 

*ඔබේ ඒ අධ්‍යාපන කටයුතු ගැනත් කතාකළොත්?

මම උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. මම දැන් විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉදිරියේ දී දිගටම අධ්‍යාපන කටයුතු හදාරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය විවිධ ක්ෂේත්‍ර හරහා වැඩිදියුණු කරගන්නත් බලාපොරොත්තු වෙනවා.

*කලා ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්න අදහසක් නැද්ද?

මට රංගන ක්ෂේත්‍රය සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා දායකවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

*මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමෙන් පසු ඔබ යම් සමාජ සේවා කටයුතුවලට සම්බන්ධව කටයුතු කරනවාද?

මම දැනටමත් දෙහිවල, කරගම්පිටිය ප්‍රදේශයේ ධර්මරාජ විහාරස්ථානයේ ළදරු පාසලක ළමුන්ගේ අධ්‍යාපනය හා පෝෂණය පිළිබඳව කටයුතු කරනවා. මිස් ශ්‍රී ලංකා තරගයට පෙර සිටම මම ඒ කටයුතු සඳහා සම්බන්ධ වෙලා හිටියා. කිරුළ හිමිකරගැනීමත් සමග මම බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු වඩාත් පුළුල් අන්දමින් කරගෙන යන්න. 

*ඔබ මිස් ශ්‍රී ලංකා තරගාවලියට ඉදිරිපත් වෙන්න තීරණය කළේ?

මගේ පොඩි කාලේ ඉඳන් තිබුණු බලාපොරොත්තුවක් තමයි රට නියෝජනය කිරීම. දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලිය මගේ ඒ බලාපොරොත්තුව ඉටුකර ගත හැකි එක්තරා අවස්ථාවක්. ඒ තරගය හරහා මට එම භාග්‍යයත් ලබාගෙන ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙලා උපරිම ජයග්‍රහණ මගේ මව්බිමට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මම මිස් ශ්‍රී ලංකා තරගාවලියට ඉදිරිපත් වුණේ. 

*මිස් ශ්‍රී ලංකා තරගාවලියට ඉදිරිපත් වුණු තරගකාරියන් අතරින් ඔබ සමග වඩා සමීපව කටයුතු කළ තරගකාරියන් කවුද?

තරගාවලිය තුළ අනෙක් තරගකාරියන් 11 දෙනාම මාත් එක්ක හුඟක් සහයෝගයෙන් හිටියා. ඒ අතරින් නම් වශයෙන් මතක් කරන්න කැමතියි ‍ජොආනා මයන්ති, ලසෝදා සිරිවර්ධන, වරුණි සහ ගනේෂා කියන තරගකාරියන් මාත් එක්ක ගොඩක් සමීපව සිටියා. ඊට අමතරව සියලුම තරගකාරියන් සහයෝගයෙන් කටයුතු කළා.   

*නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව වැඩිදුර හෑදෑරීමක් කරන්න ඔබේ බලාපොරොත්තුවක් තියෙනවද?

මම බලාපොරොත්තු වෙනවා නිරූපණ ක්ෂේත්‍රය හරහාත් උපාධියක් හදාරන්න.

*විනූ, මේ දක්වා ඔබ පැමිණි ගමන තුළ සහ ඉදිරියේ දී ක්ෂේත්‍රය තුළ ඔබ යාමට බලාපොරොත්තු වන ගමන තුළ ඔබ විසින් පනවාගත් යම් සීමා මායිම්, කොන්දේසි තිබෙනවාද?

අනිවාර්යයෙන්ම එහෙම සීමා පනවගෙන තිබෙනවා. මම ලබාගත් ජයග්‍රහණයත් එක්ක සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය සඳහා ආරාධනා විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ සඳහා දායකවෙද්දි මගේ සීමාවක් විදිහට මම පනවගෙන තිබෙනවා මම දායකවෙන්නේ කිසියම් ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් සඳහා පමණයි. ඒ වගේම බෞද්ධ චරිතයකට දායකත්වය දීමයි මගේ බලාපොරොත්තුව. එවැනි ආරාධනාවක් මම සතුටින් භාරගන්න කැමතියි. 

*ඔබ දක්ෂතා දක්වන්නේ මොනවගේ ක්ෂේත්‍රවලටද? 

මට නර්තනය සම්බන්ධ විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ඊට අමතරව චිත්‍ර, ක්‍රීඩා වැනි සෑම ක්ෂේත්‍රයක් තුළම මම දක්ෂතා දක්වලා තියෙනවා.   

*ඔබේ පවු‍ලේ සාමාජිකයින් ගැනත් මතක්‍කළොත්?

පවුලේ අම්මායි, තාත්තායි, අයියායි, නංගියි, මමයි.

*යොවුන්වියේ සිටින තරුණියක් විදිහට ආදරය සහ විවාහය ඔබ දකින්නේ කොහොමද?

ආදරයක් කියන්නේ විඳිය යුතු දෙයක්. විඳවන්න නෙමෙයි ආදරය තියෙන්නේ විඳින්න. එවැනි සුන්දර ආදරයක් අනාගතයේ දී විවාහයක් බවට පත්වෙන්න පුළුවන්.

*මේ වෙද්දි ඔබ ඒ ආදරයේ සුන්දරත්වය විඳිනවාද?

දැනට නම් මට ඒ ආදරය සම්බන්ධව අත්දැකීම් නෑ.

*ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද?

මගේ අදහස අනුව විවාහය අවුරුදු 22 ත් 26 ත් අතර කාලය තුළ සිදුවෙනවා නම් හොඳයි. මම බලාපොරොත්තු වෙන්නේ මාව හොඳින් විශ්වාස කරන, මාව හොඳින් තේරුම්ගත්, මට හුඟක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම මම සම්බන්ධ වෙන ක්ෂේත්‍රය පිළිබඳව වැටහීමක් තිබිය යුතුයි. ඒ වගේම ඔහුත් සමාජයේ හොඳ තැනක ඉන්න කෙනෙක් විය යුතුයි. එවැනි පුද්ගලයෙකු තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

*මිස් ශ්‍රී ලංකා තරගාවලිය හරහා ඔබ ලබාගත් ජනප්‍රියත්වයත් එක්ක ගොඩනැගුණු ඔබේ රසිකයින්ගෙන් ආදර යෝජනා ලැබිලා නැද්ද? 

දැනට නම් නැහැ.

*ඔබ කොහොමද ඔබේ විවේකය විනෝදයෙන් ගතකරන්නේ?

විවේකයක් ලැබුණම ගොඩක් වෙලාවට පවුලේ අයත් එක්ක එළියට යනවා. කොහෙහරි නිදහස් තැනක එකතුවෙනවා. නැත්නම් චිත්‍රපටයක් බලන්න යනවා. එහෙමත් නැත්නම් දුර පළාතකට යනවා. ඒ වගේ සතුටින් විවේකය ගතකරන්න තමයි ගොඩක් කැමති. දැනට නම් විවේකී අවස්ථාවන් ලැබෙනවා බොහොම අඩුයි. විවේකයක් ලැබුණත් මම ඒ කාලය ළදරු පාසලේ දරුවන් වෙනුවෙන් යොදාගන්නවා.

*මේ දක්වා ඔබ ඔබේ ජීවිතය තුළ දුටු සෑම සිහිනයක්ම සැබෑ කරගන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවද?

අද වනවිට මම දැකපු බොහොමයක් හීන සාර්ථක වෙලා තියෙනවා.

*ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියවට කරගෙන යන්න. අධ්‍යාපන කටයුතු සමග රංගනය හා නිරූපණ ක්ෂේත්‍රයටත් මගේ දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

HARD TALK

*වඩාත් සාර්ථක ආදර විවාහයද? යෝජිත විවාහයද?

ආදර විවාහය.

*ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට ක්ෂේත්‍රයේ කිසියම් කෙනෙකුගෙන් ආදර යෝජනාවක් ලැබුණු අවස්ථාවක් තියෙනවාද?

නැහැ.

*එකවර කිහිපදෙනෙකුට ආදරය කළ හැකිද?

බැහැ.

*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ඔබ ජ්‍යොතිෂයට මුල් තැනක් දෙනවද?

නැහැ.

*ඉහළ මුදලකට කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුත්තක් වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට සම්බන්ධවෙන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

ඔව්.

*ඔබ කිසියම් තරුණයෙකු පිළිබඳව තබා සිටි බලාපොරොත්තු බිඳවැටුණු අවස්ථාවක් තියෙනවාද?

නැහැ.

Sunday, May 27, 2012

NARMADA AND JANKA WEDDING PHOTOS

Saturday, May 26, 2012

‘ජීවිතේ සුන්දරයි’



























Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts