http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, January 31, 2012

Korean Giya Shalani Tharaka Kiyana Sindu Photo Collection

විජය නන්දසිරිගේ දියණිය විවාහ වෙයි

ප්‍රවීණ නළු විජය නන්දසිරි හා රංගන ශිල්පිනී දේවිකා මිහිරානි යුවළගේ දියණිය වන නවංජනා සිය පෙම්වතා වූ චමින්ද සමඟ පසුගියදා විවාහ වුණා. 

විවාහ මංගල්‍යය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගී වූ අතර මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය.

එම මංගල්‍යයේ ජායාරූප කීපයක් පහතින්.





Sunday, January 29, 2012

WARUNA MADUSANKA AND KANCHANA WEDDING PHOTOS

URESHA RAVIHARI WEDDING PHOTOS

Saturday, January 28, 2012

දේශීය සිනමාවට එක්වූ අලූත්ම කතා නායිකාව "මාතා" පාර්වතී (යශෝධා)

දේශීය සිනමාවට වසර 65ක් සපිරුණුදා රිදී තිරයට එක්වූ අලූත්ම කතා නායිකාව ඇයයි. මේ දිනවල තිරගතවෙන ”මාතා” චිත‍්‍රපටයේ ත‍්‍රස්තවාදී තරුණියකගේ චරිතයක් වන පාර්වතී නමැති ප‍්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි. නුවරඑළිය ඩයගම ප‍්‍රදේශයේ උපන් ඇය නැටුම් ගුරුවරියක් වීමට හීන මැව්වාය. භරත නාට්‍යම් ඇතුළු නර්තන අංග රැසක් නටන්න පුළුවන් ඇය අහම්බෙන් මෙන් ”වසන්තන් ඔඪ හි නිවේදිකාවක් බවට පත්වන්නීය. එය ඇයගේ ගමන වෙනස් කරන්නට සමත් විය.
ශක්ති ඔඪ හි මියුසික් වීඩියෝවකටද පෙනී සිටි ඇය, ”මාතා” චිත‍්‍රපටයේ තිර පරීක්ෂණයකට ගොස් එහි ප‍්‍රධාන නිළි චරිතය ලබා ගත්තේ තම හැකියාව පෙන්වමිනි. ”පාර්වතී චරිතය කළේ හරිම අසීරුතා මැද්දේ. අද චිත‍්‍රපටය බලද්දී ගොඩක් සතුටුයි. මම හොඳට රඟපාලා තිබෙනවා කියා හිතනවා. මගේ සැමියා ඉජාස්. ඔහු සංගීත ශිල්පියෙක්. ඔහුත්, අම්මා, තාත්තා ඇතුළු පවුලේ හැමෝමත් මට සුබපැතුවා. ඉදිරියේදීත් හොඳ චරිත ලැබුණොත් දිගටම රඟපානවා.”
ඇය සතුටින් පැවසුවේ ඒ අයුරිනි. දැනට ශක්ති ඔඪ හි ”කාදල්. කොම්” හා ”ක්ලැසිකල් ඩාන්ස් ස්ටාර්” වැඩසටහන්වල නිවේදිකාව ලෙසින් කටයුතු කරන ඇය නමින් යශෝධා රාධකි‍්‍රෂ්ණන්ය.
යහම්පත්

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත්  අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්,  සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්,  යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.
දකුණු ඉන්දියානු සම්භවයකින් පැවත එන දෙවියකු සේ සලකන අතර නැගෙනහිර පළාතේ පානම ගමට දකුණින් පිහිටි  ඕකන් ද ප‍්‍රදේශයෙන් ලංකාවට ගොඩ බැස කාචරග‍්‍රාම හෙවත් කතරගම වාසභූමිය ලෙස තෝරාගත් බවද ඉතිහාසයේ සදහන්වෙයි. එසේ කතරගම දෙවියන් ගොඩබැස්ස තැන පසුකාලීන්ව ඉදිවූ  ඕකන්ද දේවාලය අදත් හින්දු සහ බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වෙමින් පවතී.
අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස  කතරගම දෙවියන් ප‍්‍රකටය.
බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
කතරගම දෙවියන්ගේ ආයුධය වේලායුදයයි. වේලායුදය යනු ගිනිදලූවක හැඩයෙන් යුත් තලයකින් යුත් හෙල්ලයකි. එය කතරගම දෙවියන්ගේ මෑණියන්වූ පාර්වතී විසින් ඇගේ බලය ලබාදීමක් ලෙස සූරපද්මන් සමග යුද්ධයේ දී භාවිත කිරීමට මෙම වේලායුදය ලබාදුන් බව ජනප‍්‍රවාදයේ කියැවෙයි.
යාල ජාතික වනෝද්‍යානයට යාබදව මැණික් ගඟ අසබඩ රුහුණේ ප‍්‍රධාන නගරයක්වන කතරගම ඉපැරණි රෝහණ රාජධානියේ සිංහල රජවරුන්ගේ වාසභූමිය කකතරගම දෙවියන් වැඩ වෙසෙතැයි දැඩි විශ්වාසයක් පවතී. දහසය වැනි සියවසේ දී සිංහලයන් අතර දේව සංකල්පය මුල්බැස ගැනීමෙන් පසු ලංකාවේ ගිනිකොණදිග ප‍්‍රදේශයේ අධිපති දෙවියන් ලෙස කතරගම දෙවියන් හැදින්වීම ද පුරුද්දක් කරගත් බවත් ජනප‍්‍රවාදයේ එයි.
කතරගමට වැඩමකළ  කතරගම දෙවියන් මුලින්ම වැඩවාසය කර ඇත්තේ ‘‘වැද්දා’’ හිටිය කන්ද හෙවත් වර්තමාන වැඩිහිටි කන්ද ප‍්‍රදේශයේ බව විශ්වාසයක් පවතී. වැදි ජනයා හෙවත් ගිනිකොණදිග ලංකාවේ විසූ ආදිවාසී ජනකොටස්වල ද පුජාවන්ට පාත‍්‍රවු දෙවියෙකි. අදත් ඇතැම් ආදිවාසී ජනකොටස්වල විවාහ චාරිත‍්‍ර උත්සව වාර්ෂිකව පවත්වන්නේ ජූලි සහ අගෝස්තු මාසවලය. කතරගම දෙවියන් වෙනුවෙන් වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වන්නේ ද මේ  මාසවලය. වැදි ජනතාව ද පුදපූජා සදහා කතරගමට එති.
වර්තමාන පානම් පත්තුවත් කතරගමත් අතරවූ ප‍්‍රදේශය අතීතයේ තැන් තැන්හි ජනාවාසවී තිබු බව කියැවේ. හැලව, වදගම, කුමන, මීයන්ගොඩ එවැනි ජනාවාස භූමි විය. මේ ඇතැම් තැන්හි ආදීවාසී ජනතාව හෙවත් වැදි ජනතාව ද විසූ බව පොත්පත්වල ද ජනප‍්‍රවාදයේ ද කියැවේ. එවැනි වැදි පරපුරකට නෑකම් කියන ජනකොටසක් වර්තමානයේ පානම ගම්මානයේ ද වෙසෙන බව සදහන් වේ.
කතරගම දෙවියන්ගේ උපත ගැන මත කිහිපයක් ඇත. ඉන්දියාවේ හෙවත් භාරතයේ දේව කතා අනුව බුද්ධ වර්ෂය ආරම්භයට පෙර  කතරගම නුවර සිටි මහාසේන රජතුමා මරණින් පසු කතරගම දෙවියන් වී යැයිද මතයක් පවතී. බුද්ධාගම රැකබලා ගැනීමට ඔහු දේවත්වයට පත්වූ බවද සදහන්වෙයි.
අනෙක් මතය නම් ඉන්දියාවේ සිට පැමිණි යුද දක්‍ෂයකු මරණින් පසු දේවත්වයට පත්වී කතරගම දෙවියන් වු බවයි.  සුරාසුර යුද්ධයේ දී පරාජයට පත්වෙමින් සිට සුරයන්ගේ හමුදාවට නායකත්වයක් දීමට කෙනකුගේ අවශ්‍යතාවක් ඇතිවිය. එය සම්පුර්ණ කිරීමට ශිව සහ පාර්වතීගේ සංගමයේ ඇතිවූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට බාරදී ඇත. අග්නි දෙවියන් එය ගංගා දේවියගේ ගර්භයේ තැන්පත් කර ඇත. එම කලල බීජය කන්‍යාවෝ හය දෙනෙක් පෝෂණය කර තිබේ. එම කන්‍යාවන්ගේ පෝෂණයෙන්  බිහිවු මුහුණු හයක දරුවා කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී. හින්දුන්ට අනුව කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් වේ.
කතරගම දේවියන්ගේ මුහුණු හය සම්බන්‍ධව පානම් පත්තුවේ ජනතාව අතර ඇති කතා පුවතක් මෙසේය. වසර ගණනාවකට පෙරදී පානම ප‍්‍රදේශයට වඩා ජනතාව වාසය කර ඇත්තේ වත්මන් කුමණ ජාතික වනෝද්‍යානයේ විවිධ තැන්වලය. හැලව, බාගුරා, වදගම, කුමණ ආදිවු ප‍්‍රදේශවලය.
එක්තරා කාලයක මහා නියගයක් සමග වැසියන්ගේ භවභෝග විනාශවී ලෙඩ රෝග පැතිරී දුර්භික්‍ෂයක් බවට පත්ව තිබේ. කැලේ තපස් රකිමින් සිටින සෘෂිවරයකු සිටින බවට වූ ආරංචියක් මත ගමේ වැඩිහිටි පිරිසක් කැලේ ගොස් මේ සෘෂිවරයා හමුවේ පත්ව ඇති විපතින් ගම්දනව් බේරා දෙන ලෙස වශයෙන් ඉල්ලා ඇත. ඒ ඉල්ලීමට කන්දුන් සෘෂිවරයා  දුර්භික්‍ෂය පළවා හැර වැසියන්ට යළි යහපත් කාලයක් උදාකර දී තිබේ. පසුව ගම්වැසියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ මේ සෘෂිවරයා මියගොස් තිබේ. ගම් වැසියන් එකතුවී ඔහුගේ පිළිරුවක් තනවා ගැනීමට මුර්ති ශිල්පියෙක් ගෙන්වා ඇත. මුර්ති ශිල්පියාට මේ සෘෂිවරයාගේ සිරුරේ ලක්‍ෂණ පුද්ගලයන් හය දෙනකු  විසින් පෙන්වා දී දෙනු ලැබ ඇත. එක් අයෙක් කී ලෙසට පිළිමය සකසනවිට අනෙක් තැනැත්තන් ඇවිත් එලෙස නොවේ යැයි වෙනත් විස්තර කියා ඇත.
පසුව මුර්ති ශිල්පියා පවසා ඇත්තේ හය දෙනාම කියන ආකාරයේ දේහ ලක්‍ෂණ ඇතුළත්කර මුහුණු හයක් ඇති මුර්තියක් සකසමුය යන්න බවත් ඒ සැකසූ පළමු පිළිමය ඔස්සේ එය කතරගම දෙවියන් ලෙස නම්කර  මුහුණු හය සහ අත් දොළසේ කතාව ආරම්භ වූ බවත් සදහන්වේ. මේවා සියල්ලක්ම පාහේ ජනප‍්‍රවාද නිසා ඒවා අදහස් නිසා අපට බැහැර කිරීමට හැකියවක් නැත.
සුර අසුර යුද්ධය සැලකීමේ දී සුරයන් වූයේ ලාංකිකයන්ය. අසුරයන් යනු ඉන්දියානුවන්ය. අසුරයන් සත්ව ඝාතනය කර යාගහෝම පැවැත්වු පිරිසක් බවත්, ලංකිකයන් නිර්මාංශිකයන් බවත් ජනප‍්‍රවාදය කියයි. නිර්මාංශිකයන් මෙහිදි ජය ලබයි.  තරු රජු හා මහසෙන් රජු අතර සටනකින් මහසෙන් රජු මියයයි. සෙන්පති රජවෙයි. එසේ රජවු  සෙන්පති කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී.
තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ කතරගම දෙවියන් අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා බවයි. කතරගම දෙවියන් යනු මුරුගන් නොව කකුසද බුදුන්ගේ කාලයේ ලංකාව පාලනය කළ තරු රජුගේ සේනපතියකුව සිට පසුව රජ වූ  කතරගම මහසෙන් රජු බවටද මතයක් පවතී.
ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දෙමළ හින්දුන් කාර්තිමම් ලෙසද කතරගම දෙවියන් සලකනු ලබයි. කාර්තිමාමම් ස්කන්ධ මුරුක්කන් සමග සම්බන්‍ධකම් පවත්වා ඇති බවත් දෙමළ හින්දු ජනතාවගේ විශ්වාසයයි.
නිකාය සංග‍්‍රහය අනුව සතරවරම් දෙවි කෙනකු ලෙස කතරගම දෙවියන් සැලකීමට පටන්ගෙන ඇත්තේ දාහතරවන සියවසේ සිටය. එළාර රජු සමග දුටුගැමුණු රජු යුද්ධයට ගියේ කතරගම දෙවියන්ට බාරයක් වීමෙන් පසුවය. යුද්ධය දිනා ගැනීමෙන් පසු ආපසු ආ දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය තැන වූ බව විශ්ණුවාදයේ සදහන්වන බවද කියැවෙයි. වැදි ජනතාවගේ ‘‘කන්දේ දේව’’ විශ්වාසය තුළ කතරගම දේවාලය ආරම්භ වූ බවට ද අදහසක් පවතී.
අතීතයේ දකුණු ඉන්දියාවේ ආක‍්‍රමණ හමුවේ උතුරින් පලා ආ රජවරුන්ට රැකවරණ දුන් ප‍්‍රදේශයක් ලෙස කතරගම ප‍්‍රසිද්ධය. කතරගම දෙවියන් නිසා අද කතරගම ප‍්‍රදේශයේ දේව භක්තිය නොඅඩුව පවතී.  කතරගම දෙවියන් දුකේ දී මෙන්ම සැපේ දීත් පිහිටවන දෙවිකෙනකු ලෙසත් වැරදි කරන අයට දඩුවම් දෙන දෙවියකු ලෙසත් ප‍්‍රකටය.
පානම් පත්තුවේ ජනතාව පත්තිනි දේව මෑණීයන් සහ අලූත් බණ්ඩාර දෙවියන් ඇදහුවත් කතරගම දේවයන්ගේ පිහිටාරක්‍ෂාව වෙනුවෙන් වාර්ෂිකව පුදපූජා පවත්වති.
විශේෂයෙන් අදටත් පානම ගමේ ‘‘සක්කර පූජාව’’ නමින් බවභෝග වගා ආරම්භ කිරීමට පෙර කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වනු ලබයි. මේ දානය දෙන්නේ ගමේ සෑම කෙනකුගේම ආධාර එකතුකරගෙන හතරමං හන්දියකය. සතා සිවුපාවුන්ගෙන් කුඹුරු හේන් ආරක්‍ෂා කරදෙන ලෙසත්, ගමේ වෙසෙන බාල මහලූ තරුණ සැම දෙනාම ලෙඩ රෝගවලින් ආරක්‍ෂාකර දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලීම මෙම සක්කර පුජාවේ අරමුණ බව පානම වැසියන්ගේ අදහසයි.
වර්තමානයේ පානම ගම දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයට අයත්ව තිබුණත් 1977ට පෙර තිබුණේ මඩකළපුව දිස්ත‍්‍රික්කයට අයිතිවය. නිදහස ලැබීමට පෙර යටත් විජිත යුගයේ දී මඩකළපුවේ ආණ්ඩුවේ ඒජන්ත  ලෙස කටයුතු කළ ද්‍රවිඩ ජාතිකයෙකු වු කුමාරස්වාමි මහතා විනෝදය පිණිස සතුන් දඩයම් කරන්නට කැමැත්තක් දැක්වූ කෙනෙකි. දිනක් ඔහුගේ පාසල් වයසේ පසුවු කුඩා දියණිය ද අතවැසි සේවකයන් කිහිප දෙනකු සමග බාගුරා ප‍්‍රදේශයට පැමිණ කූඩාරම් සාදාගෙන නැවතී ඇත. බාගුරා ප‍්‍රදේශය පිහිටා ඇත්තේ වර්තමාන කුමණ ජාතික වනෝද්‍යානය තුළය. නැගෙනහිර ප‍්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පාදචාරිකාවේ බැතිමතුන් එන්නේ මේ ප‍්‍රදේශය හරහාය. ඒ කාලයේ ඇතැමුන් විනෝදයට සතුන් දඩයම් කරන්නට මේ ප‍්‍රදේශවලට පැමිණෙයි.
කුඩාරමේ නැවතී සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වළි කුකුළකු ඉගිළී යනු දැක ඌට වෙඩි තැබීමේ අරමුණින් කූඩාරමෙන් එළියට බැස ගිනිඅවියත් රැගෙන කුඩා දියණිය සමග කැලේ ඇතුළට ගමන් කර ඇත. ඔහුගේ ආරක්‍ෂාවට පැමිණි සේවකයා තමාත් එන්න දැයි විමසූවිට මහ දිසාපතිවරයා පවසා ඇත්තේ මෙය ‘‘තමාගේ වැයික්කිය’’ බැවින් තමාට ඉහළින් කෙනකු එහි නැති බවයි.
කැලේ ඇතුළට ගිය ආණ්ඩුවේ ඒජන්තවරයා සහ ඔහුගේ කුඩා දියණිය පැය ගණනක් ගතවී ඇතත් නොපැමිණියෙන් ඔවුන් සෙවුවද අතවැසියන්ට ඔහු හමු නොවිණි. එදා අදමෙන් සන්නිවේදන පහසුකම් නොතිබු නිසා ඒජන්ත තැනගේ අතුරුදන්වීම වගකිව යුත්තන්ට දැන්වීමට ද එහි යායුතුය. කෙසේ හෝ මහ ඒජන්ත තැනගේ සහ ඔහුගේ දියණියගේ අතුරුදන්වීම ආරංචි වී යටත් විජිත මහ ලේකම්වරයාගේ අවසරය ඇතුව ඉංග‍්‍රීසි හමුදාව සහ පොලිසිය ද යොදවා කූඩාරම තනා තිබු ප‍්‍රදේශය සහ අවට දින කිහිපයක්ම සොදිසි මෙහෙයුම් කර ඇත. නමුත් අතුරුදන් වූවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අතවැසි සේවකයන් සහ සාමාන්‍ය වැසියන් කතරගම දෙවියන් ද අදහන පිරිස්ය. ඔවුන් කතරගම දෙවියන්ට පඩුරක් බැද ඒජන්තවරයා සහ දියණිය සොයා දෙන්නැයි බාරයක් විය. මහ පුදුමයකි. හෝරා කිහිපයකට පසු මහ ඒජන්ත දියණියත් සමග කූඩාරමට නුදුරින් සිටියදී හමුවිය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කට වරද්දාගත් මහ දිසාපතිට කතරගම දෙවියන් සුලූ දඩුවමක් දුන් බව සේවකයන් අතර පසුව කතාබහට ලක්විය.
එහි අනෙක් කතාව වන්නේ මීට අවුරුදු හයකට පෙර සිදුවු තවත් සිදුවීමකි. මේ කතාව සිහිපත් කරදුන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී ගුණසිංහ මහතායි.
‘‘අපි මුලින් කිව්ව ආණ්ඩුවේ ඒජන්ත තුමාත් එක්ක පුංචිකාලේ බාගුරා ප‍්‍රදේශයේ දී දින ගණනක් අතුරුදන්ව සිටි කුඩා දියණිය කුමණ යළි විවෘත කළාම 2005 දී විතර පිරිසක් එක්ක බලන්න ආවා. එතකොට ඇය වියපත් කාන්තාවක්. කුමණ ඇතුළෙ ඇවිදින කොට ගල්අමුණ ප‍්‍රදේශයේ දී මහ වැස්සකට අහුවෙලා වාහනේ එරිලා මහ අකර තැබ්බකට ලක්වුණා. අන්තිමට වාහනේ කැඩුණා. අපි ට‍්‍රැක්ටරයක් ගෙනිහින් ඇදගෙන ආවේ. එදා ඒ කාන්තාව කියනවා කතරගම දෙවි හාමුදුරුවෝ ඇයට ‘‘කුමණ’’ බලන්න කවදාවත් ඉඩ දෙන එකක් නෑ. තාත්තත් එක්ක ඇය පුංචිකාලේ ඇවිදින් වුණ දේ තවමත් අමතක නෑ’’ යනුවෙන් කී බවද ගුණසිංහ මහතා කීවේය.
(මතු සම්බන්‍ධයි)


සටහන හා ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය

කතරගම දෙවියන්
කතරගම දෙවියන් ගොඩබැස්ස ඕකන්ද මුහුදු වෙරළ
ඕකන්දේ පිහිටි කතරගම දෙවියන් වෙනුවෙන් තැනු දේවාලය

Thursday, January 26, 2012

SHIHAN MIHIRANGA WEDDING PHOTOS

THARUKA WANNIARACHCHI -2012 NEW

KUSA PABA AND NEHARA WITH MENAKA

Tuesday, January 24, 2012

මිහිරංගි...

ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්...


සම්පූර්ණ නම:
ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා
උපන්නෙ කොහෙද?:
බලන්ගොඩදී
වයස:
අවුරැදු 21 යි
සමත් විභාග:
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ
ඉගෙන ගත් පාසල:
බලංගොඩ ශාන්ත ඇග්නට් සහ ශිෂ්‍යත්ව සමත්ව මීගමුව නිව්ස්ටඩ්
ලග්නය: කුම්භ
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පවුලේ විස්තර ?
අම්මා, තාත්තා, අයියා, නංගි

උසස් පෙළ සමත් කිව්වා නේද ?
ඔව්.

එතැනින් එහාට අධ්‍යාපනය නොකළේ ?
සරසවි වරම් දක්වා සුදුසුකම් තිබුණා. ඒත් එදා ඉඳලම සරසවිය මට එතරම් ප්‍රියජනක වුණේ නැහැ. සරසවි උනන්දුව තිබුණේ නැහැ.

ඇයි ඒ ?
දන්නේ නැහැ.

මොනවගේ උනන්දුවක්ද තිබුණේ ?
කුඩා කාලයේ ඉඳලම චිත්‍රපට නරඹන්න ආසා කළා. ලොකු වෙද්දි ගුවන් සේවිකාවක වෙන්න හිතුණා. ඔෆිස් ජොබ් එකකට කවදාවත් කැමති වුණේ නැහැ.

ගුවන් සේවිකා සිහිනය ?
ඒක දැන් නැහැ.

දැන් ගුවන් සේවයට යන්න බැරිද ?
බැහැ කියලා හිතෙනවා.

ඔබට එක අරමුණක් නැහැ වගෙයි ?
අරමුණක් නැතිව කාටවත් වැඩ කරන්න බැහැ.

මොකක්ද අරමුණ ?
අහම්බෙන් ආපු රඟපෑමේ ගමන හොඳට කරමින් මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි අරමුණ.

ඒ කියන්නේ ජනප්‍රියත්වය ආභරණයක් කරගෙන කටයුතු කිරීම ද ?
මට ජනප්‍රිය උණ රෝගය නැහැ. ඒක එහෙම අයගෙන් අහන්න. සමහර අය ආව ගමන් පිපිරිලා යනවා. ඊට පස්සෙ හිටපු තැන් සොයා ගන්නත් බැහැ. මම ඒ රුල්ලෙ කෙනෙක් නෙවෙයි.

ඒ කියන්නේ ඔබ වඩා ජනප්‍රිය චරිතයක‍්ද ?
කොහෙත්ම නැහැ. සාමාන්‍ය පිරිසක් දන්න හඳුනන කෙනෙක්.

ඔබගේ තරමට අනුවද වැඩ කරන්නේ ?
ඔව්, අනිවාර්යෙන්ම එහෙමයි.

එතකොට රඟපෑම වෘත්තිය නොවේද ?
වෘත්තියම නෙවෙයි. මගේ හීනය සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. නමුත් දැනට රංගනයට උපරිම කැපවීම කරනවා.

කැම්පස් යන්න හැමෝටම වරම් ලැබෙන්නෙ නැහැ. ඒක පිනක්. ඔබ ඒ පිනට පයින් ගහලා කිව්වොත් ?
ඒ පරිසරය ගැන පොඩි කාලයේ ඉඳලම මට පැහැදීමක් තිබුණෙ නැහැ.

දෙමාපියන් හරස් වුණේ නැද්ද ?
කිසිදේකට මට බල කළේ නැහැ. අපට යහපත් මාර්ගය කියලා දුන්නාට අපේ ජීවිතවලට සීමා දැම්මෙ නැහැ.

ඒ කියන්නෙ ඉගෙන ගෙන පිළිගත් තනතුරක් අවශ්‍ය නැහැ කියන එකද ?
මේ ලැබුණු දේට මම උපරිමව ගරු කරනවා. ඒ වගේම කැපවෙනවා.

සිරස කුමරියගෙන් පසුව, රංගනයට, ඊ ළඟට දැන්වීම්වලට පෙනී සිටි ඔබ තරු වැඩසටහන්වලට අමතරව වැඩසටහන් නිවේදනයටත් එක් වුණා ඊළඟට මොනවද කරන්නෙ?  මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ?
දැනට එච්චරයි.

ඒ සියල්ල හොඳින් කළා කියලා හිතෙනවද ?
දන්නෙ නැහැ. ලැබුණු දේ උපරිමයෙන් කළා.

මේ සියල්ල කරන්නෙ මුදල් මුල් කරගෙනද ?
මුදල් අවශ්‍යයි. ඒත් මුදල් මුල් කරගෙනම නෙවෙයි. මම කාටවත් මේ දක්වා අත පාලා නැහැ. ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වෙනවා.

ඔබ හරි මුරණ්ඩුයි නේද ?
ටිකක් විතර.

ඇයි එහෙම වෙන්නේ ?
ඒ මගේ හැටි.

ඇත්තටම ඔබ කවුද ?
මම ශලනි.

කොහොම කෙනෙක්ද ?
මගේ පිටතින් එකක්. ඇතුළාන්තයෙන් එකක් කියලා දෙබිඩි ජීවිතයක් නැහැ. මවා ගත්ත ලෝකයක් නැහැ. ඉක්මනට කේන්ති යනවා. ඒ මොහොතේදීම සෑම දෙයක්ම විසඳගන්නවා.

තරුණියක ලෙස සම්මතයට අනුව ජීවිතය ගෙවනවා කියලා හිතෙනවාද ?
අසම්මත දේවල් කරලා නැහැ.

ආදරේ දී වුණත් එහෙමද ?
ඔව්.

පෙම්වතුන් කීප දෙනෙකුට එකවර ආදරය කිරීම ?
මට එහෙම පහත් මානසිකත්වයක් නැහැ. යම්කිසි කෙනෙකුට හිත ගියොත් ගියාම තමයි. එතකොට මම එයාට උපරිමයෙන් ආදරය කරාවි.

ළඟදී විදෙස් සංචාරයකට යනවා නේද ?
ඔව්, කොරියා සහ ලන්ඩන් යනවා.

මොකටද ?
නර්තන සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වෙන්න.

සංගීතයත් පුළුවන්ද ?
තරමක් දුරට.

සිහින පියාපත් ‍"මිහිරංගි" ගැන ඔබට හිතෙන්නේ කොහොමද ?
ලොකු වෙනසක්. හැබැයි ඒ මම නෙවෙයි. මම කළ වෙනස්ම චරිතයක්. මට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තූතියි කියලා කියන්න කැමතියි.
සටහන / ඡායාරුප - සඳුන් ගමගේ

සැගවුණු අමුත්තෝ

සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි.
මේ දිවිමකුළුවා තමන්ගේ ශරීර වර්ණයට ගැලපෙන ස්ථානයක් සැගැවීම සොයාගෙන තිබේ
මැඩගස්කර් දූපත්වල සිටින මේ උරගයන් විශේෂය මුහුදු වෙරළ ආසන්න ගල්පරමත ජීවත් වෙයි. ඔවුන්ගේ ශරීර වර්ණය එහි ගල්පරවල වර්ණයට බොහෝ සෙයින් සමානය
වනාන්තරයේ සැරිසරන විට හොඳින් පෙනෙන් ජිරාෆයන් අතරින් මේ ජිරාෆයා සැගැවී සිටින්නේ අපූරු ආකාරයකිනි
බස්සන් තම පැටවනු බිහිකිරීම සඳහා තෝරාගන්නේ තම ශරීරවර්ණයට ගැලපෙන කඳන් සහිත ගස් බෙන බව මෙයින් පැහැදිලි වේ.
මෙම අත්ත මත හූනකු සිටින බව හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ.
මේ කුඩා කෘමියා තම වර්ණයට සුදුසු කඳක්මත වසා සිටින විට හඳුනාගැනීම අපහසුය
මේ කටුසු විශේෂය පරිසරයට සුදුසු ලෙස වර්ණය වෙනස් කැරගෙන ඇත.
කොළ රොඩු අතර සිටින සර්පයා පහසුවෙන් දර්ශනය වන්නේ නැත.
පේර කොල අතර සිටින පේර කොළයා සත්ත්වයකු ද යන්න ගැටළුවක් වන තරමටම අනුවර්තනය වී තිබේ.
කොළ රොඩු අතර සිටින සළඹයා හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ
මේ දළඹු විශේෂය තමන්ට පෝෂණය සපයන ශාක පත‍්‍රයට ගැලපෙන ආකාරයටම අනුවර්ථනය වී තිබේ
ගල් පර අතර සිටින මේ හූණා සහ පාෂාණ මතුපිට වෙන්කැර ගැනීම අපහසු කාර්යයකි
තම පරිසරයේ බහුලව හමුවන ශාක පත‍්‍ර විශේෂයක ඇති දම්පැහැය මේ ගෙම්බාගේ ආරක්ෂාවට මහෝපකාරීවෙයි.
දිරාගිය කොළයත් මේ සතාත් වෙනකැර හඳුනාගැනීම අපහසු කාර්යයකි.
මෙම කඳෙහි ගස්ගෙම්බකු සිටින බව හඳුනාගැනීම අතිශය අසීරුය
මේ සත්ත්වයාගේ ශරීරය සැකසී ඇත්තේ දිරාගිය කොළයක හැඩයට බැවින් ඔවුන් දිරාගිය පත‍්‍ර ඇති ගස් වඩාත් පි‍්‍රයකරයි.
බිම වැටුණු දිරාගිය ශාකපත‍්‍රයක් නොව වන්දෙකි
සර්පයෙක් සැගවී සිටින අයුරු
මේ බස්සන් දෙදෙනා තම ශරීරයට ගැලපෙන ගසක් තෝරාගෙන විවේකයෙන් සිටින ආකාරය
කුඩා කෘමියෙක් පරිසරයට උචිත ලෙස හැඩගැසී ඇති ආකාරය
දිරාගිය කොළ අතර එක් කෘමියෙක් සිටියි
මෙම පෘෂ්ඨයේ වසා සිටින සලබයා පරිසරයෙන් මනාව ආරක්ෂාකරීවේ
ගසේ කඳේ පැහැයටම සිටින සලබයා
මේ කුඩා සත්ත්වයා ද වඩාත් පි‍්‍රය කරන්නේ තම වර්ණයෙන්ම යුතු ශාක කඳන් මත ජීවත්වීමටයි.
මේ කුරුළු ජෝඩුව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ශාක අතු දෙකක් මෙනි
දිරාගිය පත‍්‍රයක් නොව සතෙකි.

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts