http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, November 30, 2011

On location Photos of Arundathi Shooting

http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/312978_10150405195512763_70222437762_8620541_1681628_n.jpg 
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/390703_10150405195397763_70222437762_8620540_1020600209_n.jpg
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/387649_10150405194542763_70222437762_8620534_1962384540_n.jpg 
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/390791_10150405194772763_70222437762_8620535_55384029_n.jpg
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/389839_10150405194952763_70222437762_8620538_789489311_n.jpg 
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/302104_10150405195182763_70222437762_8620539_2133000500_n.jpg
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/382751_10150405193747763_70222437762_8620529_41026177_n.jpg 
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/387584_10150405193882763_70222437762_8620530_279263518_n.jpg
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/375507_10150405194087763_70222437762_8620531_991867626_n.jpg 
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/392310_10150405194282763_70222437762_8620532_642115557_n.jpg
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/393499_10150405193552763_70222437762_8620528_1033173100_n.jpg 
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/388946_10150405193312763_70222437762_8620527_496341534_n.jpg  
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/392308_10150405193182763_70222437762_8620526_1712663250_n.jpg 
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/383904_10150405193037763_70222437762_8620525_1290615035_n.jpg

Gayesha Perera New Photos

Tuesday, November 29, 2011

Swathi Verma

මම එයින් ලොකු තෘප්තියක් ලබනවා. . .

මම එයින් ලොකු තෘප්තියක් ලබනවා. . .

වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා සඳහා රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට රංගන ශිල්පිණියක ලෙස ඔබ වඩාත් හොඳින් හඳුනාගෙන තිබේ. පුංචි තිරය ඔස්සේ තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කළ ඇය පසුව "හාට් එෆ් එම්", "ජුලියා" වැනි චිත්‍රපට සඳහාත් සම්බන්ධවෙමින් රිදී තිරය ඔස්සේත් සිය රංගන ප්‍රතිභාව වඩාත් ඔප්නංවා ගනිමින් සිටියි. මේ දිනවල විකාශය වන "සිහින පියාපත්" ටෙලි නාට්‍යය තුළින් ද ඇය ඔබ හමුවට පැමිණෙයි.

ඇය අංජලී පූර්ණිකා. . .

ඡායා - ඉන්දික ප්‍රභාත්

*සම්පූර්ණ නම

සුදසිංහලියනගේ අංජලී පූර්ණිකා ලියනගේ

*උපන්දිනය

1983. 03. 29

*ලග්නය

කටක

*උස

අඩි 05

*ප්‍රියතම විලාසිතාව

ඩෙනිම් කලිසමයි, ටී ෂර්ට් එකයි

*ඉතින් අංජලී,කොහොමද මේ දවස්වල ජීවිතේ?

රූගත කිරීම් එක්ක තමයි මේ දවස්වල කාලය ගතවෙන්නේ. දීර්ඝ ටෙලි නාට්‍ය කිහිපයක රූගතකිරීම්වලට මේ දවස්වල සහභාගිවෙනවා. ඉතින් ටිකක් කාර්යයබහුලයි.

*ඔබේ කලා ජීවිතය ආරම්භවන්නේ කොහොමද?

මම පාසල් යන කාලේ ඉඳන් කලාවට සම්බන්ධයි. පාසලේ දී නර්තනය හැදෑරුවා. මට එහිදී සමස්ත ලංකා තරග සඳහා ඉදිරිපත්වෙන්න අවස්ථා ලැබුණා. ඒ හරහා මගේ ඡායාරූප කිහිපයක් පුවත්වල මුල් කවරවල පළවුණා. පසුව මට සුජීව ප්‍රසන්න ආරච්චි මහතාගේ බොඳ මීදුම් නවකතා මාලාවේ මුල් කවරවලට පෙනීසිටින්න අවස්ථාව ලැබුණා. එය නවකතාවක් වුණත් ඒ තුළින් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එතැන් සිට තමයි මගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ.

*ක්ෂේත්‍රයට පිවිසෙන නවක රංගන ශිල්පිණියන් ඔබට අභියෝගයක්ද?

ක්ෂේත්‍රයට අලුත් මුහුණු එකතුවෙන්න ඕන. අලුතෙන් ශිල්පිණියන්ට එකිනෙකට වෙනස් විවිධ හැකියාවන්, දක්ෂතා තිබෙනවා. අභියෝගයකට වඩා මට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ නෑ එහෙම අභියෝගයක් ඇතිවෙයි කියලා. හැමකෙනෙක් එක්කම සහයෝගයෙන් වැඩකරනවා.

*කලාවට අමතරව ඔබ දක්ෂකම් දක්වන වෙනත් ක්ෂේත්‍ර මොනවාද?

මුලින් කිව්වා වගේ රගපෑමට අමතරව මම දන්න දේ නර්තනයයි. දැනට නම් මම වසරක විතර ඉඳන් නර්තනය හැදෑරීමෙන් ඈත්වෙලා ඉන්නේ. කාර්යයබහුලත්වය නිසා. ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් පිහිනීමේ ක්‍රීඩාවට මම දක්ෂතාවක් තියෙනවා. ඒ සම්බන්ධව යම්තාක් දුරකට හැදෑරීමක් කර තිබෙනවා.

*ඉදිරියේ දී කලා කටයුතුවලට අමතරව වෙනත් ක්ෂේත්‍රයකට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ලංකාවේ තත්ත්වය ගැන බැලුවොත් මම හිතන්නේ නෑ කලාව වෘත්තියක් විදිහට තෝරාගැනීම සුදුසුයි කියලා. සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ ජීවන රටාවත් එක්ක. ඒ වගේම මම දකින විදිහට කලාව වෘත්තිය කරගත්තොත් ඒ තුළින් කලාවට සාධාරණයක් කරන්න බැරිවෙනවා. ඒ නිසා මම හිතන්නේ තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වෙනත් ක්ෂේත්‍රයකටත් යොමුවෙන්න පුළුවන් නම් එය වටිනවා.

*වෘත්තීය වශයෙන් මේ වනවිට ඔබ තෝරාගෙන තිබෙන්නේ කුමන ක්ෂේත්‍රයද?

වෘත්තියක් විදිහට මම ව්‍යාපාරික කටයුත්තක යෙදිලා ඉන්නවා. මම තේ වගාකිරීමේ කටයුත්තකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. මම වගා කටයුතුවලට කැමතියි. සාමාන්‍ය මට්ටමින් තමයි දැනට මේ වැඩ කටයුතු පවත්වාගෙන යන්නේ. මම එයින් ලොකු තෘප්තියක් ලබනවා. පහතරට තේ තමයි වගා කරන්නේ. හොරණ ප්‍රදේශයේ තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ඒ සඳහා මගේ තාත්තා තමයි මට ලොකු සහයෝගයක් ලබාදෙන්නේ.

*රංගන ශිල්පිණියක් ලෙස මේ දක්වා පැමිණි ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

මට අද වෙනකම් හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ හොද නිර්මාණවලට දායකවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මට මුල්කාලේ මාලනී ෆොන්සේකා, ටෝනි රණසිංහ වැනි ප්‍රවීන ශිල්පීන් යටතේ, ඔවුන්ගේ අනුදැනුම මත රඟපාන්න අවස්ථාව ලැබුණා. මට අද දක්වා එය හොඳ තෝතැන්නක් වුණා. කලාව තුළ අපි බොහෝ දේ ඉගෙනගන්න ඕන. කලා ක්ෂේත්‍රය පාසලක් නම් මම හිතන්නේ මම තවම ඉන්නේ හෝඩියේ. මට තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. හොඳ නිර්මාණවලින් මම හැමදාම යමක් ඉගෙනගන්නවා. කලාව සම්බන්ධව මම සෑහීමට පත්වෙන්නේ නෑ. නමුත් මට රංගනයෙන් දායකවෙන්න ලැබුණු දේවල් ගැන මම සතුටුවෙනවා. ඒ නිර්මාණවලට සාධාරණයක් කළා කියලා මම හිතනවා.

*ජනප්‍රියත්වය ඔබට ආභරණයක්ද?

මම කියන්නේ නෑ ජනප්‍රියත්වය කරදරයක් කියලා. නමුත් මම ගොඩක් කැමතියි සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත්වෙන්න. අපිට සාමාන්‍ය ජීවිතයේ දී පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් විදිහට හැමවෙලේම අපිට ජනප්‍රිය චරිතයක් කියන එක හිතේ තියාගෙන ජීවත්වෙන්න අමාරුයි. ඉතින් එක වෙලාවකට ජනප්‍රියත්වය ආභරණයක්. සමහර අවස්ථාවලදී එය අපිට තියෙන නිදහස සීමාකරන දෙයක් වෙනවා.

*අංජලී, ඔබේ කලා ජීවිතය තුළ ඔබ විසින් පනවාගත් කිසියම් සීමා මායිම් තිබෙනවාද?

ටෙලි නාට්‍යයක් බාරගැනීමේ දී මම පිටපත හොඳින් කියවලා මට ලැබෙන චරිතය හොඳින් කරන්න පුළුවන්ද කියලා අවබෝධ කරගෙන තමයි බාරගන්නේ‍. මම එහෙම සීමා පනවගෙන තියෙනවා. සහ මගේ රට මගේ සංස්කෘතිය, ඒ වගේම මම මවක් මේ හැමදෙයක්ම කල්පනා කරලා තමයි මම චරිතයක් බාරගන්නේ. ඇඳුමක් පළඳුමක් පවා තෝරාගැනීමේ දී මම ඒ කරුණු ගැන සැලකිලිමත්වෙලා මටම සීමා පැනවීමක් සිදුකරගෙන තිබෙනවා.

*යම් ක්ෂේත්‍රයකින් ජනප්‍රියත්වයක් ගොඩනගාගත් පුද්ගලයින්ට, විශේෂයෙන් කාන්තා පාර්ශවයට ටිකක් වැඩිපුර කටකතාවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

අපිට කටකතාවක් නිර්මාණය වෙන්නේ ප්‍රසිද්ධ චරිතයක් නිසයි. අපි ඉන්න තත්ත්වය අනුව එක් එක් අය ඒ පිළිබඳව දකින විදිහ වෙනස්. ඉතින් කටකතා ජීවිතයට එනවා. මිනිස්සුන්ගේ විවිධ මානසික තත්ත්ව තිබෙනවා. එවැනි අවස්ථාවක තමයි මිනිස්සු තවත් කෙනෙක්ට කටකතාවක් හදන්නේ. තමන් වරදක් නොකරනවා නම් ඒ කටකතාව තමන්ට අදාළ නැත්නම් එය බාරනොගෙන හිටියම මම හිතනවා එය තමන්ට ගැටලුවක් වෙන්නේ නෑ කියලා.

*තරුණියක් විදිහට ආදරය සහ විවාහය ගැන ඔබ දරන අදහස කුමක්ද?

විවාහය කියන්නේ ඔහු හෝ ඇය සමග මුළු ජීවිත කාලය ජීවත්වෙන්න ඕන. එතනදී සුළු හෝ වරදක් වුණොත් මුළු ජීවිත කාලයට විඳවන්න වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ. ආදරය කරනකොට තමයි අපි එකිනෙකාව තේරුම්ගන්නේ. ආදරය කරනකොටයි බැඳීම්, විශ්වාසය ඇතිවෙන්නේ. මම දකින විදිහට නාඳුනන දෙන්නෙක් වුණත් බැඳීමක්, විශ්වාසයක් එක්ක ආදරයක් ගොඩනැගෙනවා. ආදරය කරද්දි තමයි නොගැළපීම් තේරුම්ගන්නේ. ආදරය නොකර ඒ දේවල් තේරුම්ගන්න බෑ. එතනදී ඔහුට හෝ ඇයට නම්‍යශීලීවෙන්න පුළුවන්. ආදරය කරන කෙනාට අනුව හැඩගැහෙන්න. නමුත් එවැනි පරිත්‍යාගයක් කරන්න අපහසු නම් ඉතින් මම හිතන්නේ නෑ ආදරය කරන දෙ‍න්නෙක් විවාහ විය යුතුමයි. මොකද එහෙම නොගැළපෙන දෙ‍න්නෙක් විවාහ වුණොත් මුළු ජීවිත කාලයම දුක්විඳින්න වෙන්න පුළුවන්.   

*ඔබේ කලා කටයුතු ගැන අපි බොහෝ විස්තර කතාකළ නිසා ඔබේ පවුලේ සාමාජිකයින් ගැනත් විස්තර ටිකක් දැනගන්න ඔබට ආදරය කරන ඔබේ රසික රසිකාවියන් කැමති වේවි?   

මගේ දුව දිනුලි ජයෝදා මල්ලවආරච්චි. ඇය දැනට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 4 වෙනි වසරේ ඉගෙනගන්නවා. මට නංගිලා දෙන්නෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. එක් අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් විවාහකයි. දෙන්නෙක් විවාහවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි සහෝදරියන් පස්දෙනාගේ අදහස් පස්විදිහක්. තාත්තාට තමයි ඒකෙන් ප්‍රශ්න ඇතිවෙන්නේ. තාත්තා පස්දෙනාම කියන දේවල් අහන්න ඕන. ඒත්, අපි හැමෝම බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන ඉන්නවා.

*කාර්යයබහුල ජීවිතයත් එක්ක ඔබට විවේක කාලයක් ලැබුණොත් ඒ විවේකය ඔබ ගතකරන්න කැමති කොහොමද?

විවේකයක් ලැබුණු ගමන් මම ගෙදර යනවා. මගේ දුවත් එක්ක වැඩිපුර කාලය ගතකරන්න කැමතියි. ඇයගේ අධ්‍යාපන කටයුතුවලට සමහර අවස්ථාවලදී මගෙන් අතපසුවීම් සිදුවන අවස්ථා තියෙනවා. ඒ නිසා මගේ කාලය අනුව මම ඒ දේවල් ගැන සොයලා බලනවා. හොඳ චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බලනවා. එහෙම තමයි මම නිවාඩු පාඩුව ගතකරන්නේ.

*ක්ෂේත්‍රයේ වැඩ කරද්දි හෝ ඔබේ පෞද්ගලික ජීවිතයේදී ඔබට විවිධ සිත් රිදවීම්වලට මුහුණදෙන්න සිද්ධවෙන්වා. මෑතකදී ඔබට මුහුණදෙන්න සිද්ධවුණු ඒ වගේ අවස්ථාවක් මතක්කරන්න පුළුවන්ද?

ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ සිත් රිදවීම් ඇතිවුණා. සමහර ප්‍රශ්නවලදී, සමහර අවස්ථාවලදී මගේ ජීවිතෙත් කඩාවැටීම් ඇතිවුණා. කාලයත් එක්ක දැන් මම ඒ දේවල්වලට ඔරොත්තු දෙනවා. මම හිතන්නේ හැම මනුස්සයෙකුටම ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒක අපිට උරුම දෙයක්. අපි ඒ හැම ප්‍රශ්නයක්ම බාරගෙන ඒ දේවල්වලට මුහුණදුන්නොත් තමයි ජීවිතය දිනුම් කියලා මට හිතෙන්නේ.

HARD TALK

*ඔබේ ජීවිතයේ වැදගත් කටයුතුවලදී ඔබ ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවාද?

ඔව්.

*ඔබට තරුණයෙක් පළමුවරට ආදරය ප්‍රකාශ කළේ වයස අවුරුදු කීයෙදිද?

අවුරුදු 16 දී.

*ඔබේ ප්‍රථම ප්‍රේමයෙන් ඔබට ලැබුණු පළමු තෑග්ග මොකක්ද?

ටයිටැනික් චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන ජැක් සහ රෝස් හිටිය බුක්මාර්ක් එකක්.

*ක්ෂේත්‍රයේ ඔබ සමග වැඩ කළ කිසියම් ශිල්පියෙකුගෙන් ඔබ ආදර යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවාද?

නැහැ.

*ඔබට ක්ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවද?

නැහැ.

AJANTHA MENDIS WEDDING PHOTOS

http://www.lakwedding.com/fachion/Wedding%20of%20Yoshini%20and%20Ajantha%20Mendis/images/Ajantha%20Mendis%20wedding%20(152).jpg 


Sunday, November 27, 2011

පියුමි විවාහය සිදුකරන තැන හෙළි කරයි

Saturday, November 26, 2011

බෙංගමු හිමි නව ශ්‍රී පාදස්ථානාධිපති

http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/11/dhammadinna-thero.jpg

සංසාරි හා අකිල සැබෑ පෙම්වතුන්ද?



Friday, November 25, 2011

Aishwarya Rai Wedding Photos

KATHARAGAMA -JAPAN BIKE WALA PARAWAL -PHOTOS AND VIDEOS

UPLOAD BY - CHAMARA CD

FILE SIZE -170MB

http://www.megaupload.com/?d=MA2TP9UG

Thursday, November 24, 2011

RAMAYA SRI

දීපාලි විනිසුරුවරියගේ දියනියගේ මංගල දිනය

ලංකාවට ගෙන්වූ දෙවන ඇස්ටන් මාර්ටින් රථයේ ජායාරූප



Aishwarya Rai -BABY GIRLS

http://static.ibnlive.in.com/ibnlive/pix/slideshow/11-2011/stargaze-first-look/stargaze-nov22-1.jpg

Wednesday, November 23, 2011

LAKSHAN AND NATALIYA WEDDING PHOTOS

http://www.lakwedding.com/fachion/Wedding%20of%20Lakshan%20and%20Nataliya%20Photo/images/Wedding%20of%20Lakshan%20and%20Nataliya%20(1).jpg 
LAKSHAN AND NATALIYA WEDDING PHOTOS

සුමති ටෙලි සම්මාන උළෙලේ ජයාරූප එකතුව

AYOMI SHANIKA

AYOMI SHANIKA

http://www.megaupload.com/?d=YRON0Y4G

AMANDA LOPEZ

AMANDA LOPEZ

http://www.megaupload.com/?d=J8BPH8I1

Tuesday, November 22, 2011

මැති සබේ ගාලගෝට්ටි (ඡායාරූප)

ජනපතිගේ අය වැය කථාවට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය අද පස්වරැ 2.20 පර්ලිමේතු සභා ගැබෙන් ඉවත්ව ගියේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරැ එවා උදුරා ගන්නට පැන්නාහ. රජයේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට පහරදී පෝස්ටරයක් උදුරා ගත්තේය. එජාප මන්ත්‍රීවරයෙක් ද රජයේ මන්ත්‍රීවරයකුට පහර දිමට පැන්නේයග ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානය සභා ගැබේ සිටියේය.

Monday, November 21, 2011

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ උපන් දිනය දා

Jay Sean Live in Colombo

Shalani Tharaka 21 st Birth Day

https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/317792_2700341393538_1406787105_2920834_1807906184_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/390682_2700337513441_1406787105_2920824_1051574273_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/379679_2700337873450_1406787105_2920825_79688965_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/381333_2700338153457_1406787105_2920826_1494996084_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/393381_2700338433464_1406787105_2920827_504744804_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/309722_2700338633469_1406787105_2920828_1835369394_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/383843_2700338953477_1406787105_2920829_968316523_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/393457_2700339233484_1406787105_2920830_1084543829_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/390207_2700340953527_1406787105_2920832_764842498_n.jpg
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/385944_2700341233534_1406787105_2920833_1247934217_n.jpg
 https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/384190_2700341993553_1406787105_2920835_1403821575_n.jpg












































































Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts